සෑම වසර පහකට වරක් පැවැත්වෙන කලාපීය සමුළුවේදී ආසියාවේ සහ පැසිෆික් කලාපයේ අයි.යූ.එෆ්. සාමාජිකයින් සිය ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරති. ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන අයි.යූ.එෆ්. කලාපීය සංවිධානයේ [2016] ව්‍යවස්ථා සංග්‍රහයේ 5 (7) වගන්ති ප්‍රකාරව කලාපීය සමුළුව යනු කලාපීය සංවිධානයේ උත්තරීතර අධිකාරියයි. කලාපීය යෝජනා සම්මත කිරීම, සමාලෝචනය කිරීම සහ මූල්‍ය වාර්තා ඇතුළු වාර්තා සම්මත කිරීම, ව්‍යවස්ථා සංශෝධනය කිරීම, කලාපීය කමිටුව තෝරා ගැනීම, කලාපීය සභාපතිවරයා තෝරා ගැනීම සහ කලාපීය ලේකම්වරයා තෝරා පත් කර ගැනීම වැනි මේ සියලු කාරණා අයි.යූ.එෆ්. කලාපීය සංවිධානයේ ව්‍යවස්ථා සංග්‍රහයේ ක්‍රියා පටිපාටි හා නීතිරීතිවලට අනුකූලව සහ අයි.යූ.එෆ්. [2017] නීති සංග්‍රහයට අනුකූලව සිදු කෙරේ.
13 වන කලාපීය සමුළුව 2016 ඔක්තෝම්බර් මාසයේ මැනිලා නුවරදී පැවැත්විණි. 14 වන කලාපීය සමුළුව 2021 ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, කෝවිඩ් -19 වසංගතයේ අතිශය අසාමාන්‍ය තත්වයන්ට මුහුණ දී ඇති අවස්ථාවකදී 50 වන කලාපීය කමිටු රැස්වීම ඔක්තෝම්බර් 29 වන දින අංක 5 දරන යෝජනාව සම්මත කරමින් 2020, 14 වන කලාපීය සමුළුව 2022 ඔක්තෝබර් දක්වා කල් තබන ලදී. එහිදී කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් පැනවුණු ගමන් සීමා කිරීම බොහෝ අනුබද්ධයන්හට කලාපීය සමුළුවට නියෝජිතයින් සහභාගී කරවා ගැනීමට ඇති හැකියාව කෙරෙහි බලපානු ඇතැයි තීරණය විය. ඒ අනුව, මුල්ම සැලැස්මට අදාලව කලාපීය සමුළුව පැවැත්වීමට දරන ඕනෑම උත්සාහයක් අපගේ සාමාජිකයින් ආන්තිකකරණය කිරීමේ අවදානමක් ඇති බව වටහා ගන්නා ලදී. මෙය අපගේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ කලාපීය සංවිධානයේ අඛණ්ඩතාව වෙනුවෙන් ගනු ලැබූ කාලෝචිත හා අත්‍යඅවශ්‍ය තීරණයකි. 2021 ජනවාරි 14 වන දින සියලුම අනුබද්ධ වෘත්තීය සමිති වෙත මෙම වෙනස විද්‍යුත් තැපෑල හරහා විධිමත් ලෙස දැනුම් දෙන ලදී. ඊට ප්‍රතිචාර දැක්වූ සියලුම අනුබද්ධ වෘත්තීය සමිති අංක 5 දරන යෝජනාවට සහයෝගය දක්වන බව සනාථ කළහ.
කෝවිඩ් -19 වසංගතය පිළිබඳ අපගේ වර්තමාන ඇගයීම අනුව, එය මන්දගාමී හා අසමාන්‍ය ලෙස එන්නත් කිරීම පදනම් වීම හදුනාගැනීම නිසා, 2022 ඔක්තෝබර් මාසයේදී සියළුම රටවල අනුබද්ධයන්ගේ සහභාගීත්වයෙන් භෞතික කලාපීය සමුළුවක් පැවැත්වීමට හැකියාවක් ඇතැයි අපි නොසිතන්නෙමු. එබැවින් 14 වන කලාපීය සමුළුව භෞතික හා අථත්‍ය සහභාගීත්වය ඒකාබද්ධ කරමින් පැවැත්වෙන දෙමුහුන් සමුළුවක් වනු ඇත. සංචාරය කළ නොහැකි අය ඔවුන්ගේ ස්වකීය රටවල සිට අථත්‍ය ලෙස සහභාගීවනු ඇත. සියළුම අනුබද්ධ වෘත්තීය සමිතිවලට තීරණ ගැනීමේදී සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සහභාගී විය හැකි බව සහතික කිරීම සඳහා ජාතික හා උප කලාපීය උපදේශන රැස්වීම් මාලාවක් පැවැත්වේ. මෙම රැස්වීම්වල කාලසටහන අනුබද්ධ සාමාජික සමිති සමඟ සාකච්ඡා කර තහවුරු කරනු ලැබේ.
මෙම වෙබ් අඩවියේ සාමාජිකයින්ට පමණක් වන කොටසෙහි කාලසටහන සහ ලියකියවිලි විවිධ භාෂාවලින් ලබා දෙනු ඇත.
මෙම කාලසටහන සහ උපදේශන ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර කලාපීය ලේකම් කාර්යාලය වෙත විද්‍යුත් ලිපිනය වන 14regcon@iufap.org මගින් තැපෑලක් යොමු කරන්න: එසේ නොමැතිනම් පහත ආකෘති පත්‍රය යොමුකරන්න.